උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් දිගින් දිගටම ජනතාව අත් විඳින පීඩාවන් සම්බන්ධයෙන් තවමත් විසඳුමක් නොමැති බව පෙන්වා ජුනි 28දින බණ්ඩාරවෙල නගරයේදී හර්තාල් සහ උද්ඝෝෂණයක් පැවැත් විය.
විරෝධතාව සංවිධානය කර ඇත්තේ, උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණයි.
ජුනි 28දින බණ්ඩාරවෙල නගරයේ වෙළෙඳසැල් වසා දැමුණු අතර පාසැල් හා රජයේ කාර්යාල සේවා ද අඩාලවී තිබිණි.
හර්තාලය ඇරඹූ පිරිස නගරයට රැස්වී ඇත්තේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ව සිටින බණ්ඩාරවෙල අවට ගම්මාන 42 ක පමණ ජනතාව මෙලෙස එක් ව සිටියහ.
උදෑසන 9.00 ට පමණ බණ්ඩාරවෙල මංසන්ධියෙන් සහ ඇටම්පිටිය මාර්ගයෙන් ඇරඹි පා ගමන් දෙකකින් ජනතාව නගර මධ්‍යයට රැස් විය.
නගර මධ්‍යයට පැමිණි පිරිස ඇමතීමට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී, සමන්ත විද්‍යාරත්න මහතා සූදානම් වූ අවස්ථාවේ පැමිණි පිරිසක් සංවාදයක් ඇති කර ගත්හ.
එවිට පොලීසිය මැදිහත්ව සංවාදයට මැදි වූ පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළේ ය.
ඌව පළාත් සභා මන්ත්‍රී, සමන්ත විද්‍යාරත්න,
අද අපි ආවේ නැගිටලා යන්න නෙමෙයි බත් බැඳගෙන වතුර අරගෙන අපි ආවේ මේ මහා විනාශය නවත්වන්න ඕන කමක් තිබෙනවා. දැන් වෙනකොට ගෙවල් 7037 ක් පුපුරලා විනාශ වෙලා තියෙනවා. මේ අතර පන්සල්, පල්ලි, කෝවිල්, පාසැල් ව්‍යාපාරික ස්ථාන විනාශ වෙලා තියෙනවා. ළිං උල්පත් 3112ක් විනාශ වෙලා තියෙනවා. දැන්වත් පාලකයෝ ඇහුම්කන් දෙන්නේ නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයකට මේ මහාජනතාවත් එක්ක අපි යන්න සූදානම් වෙනවා. උත්තරයක් දැන් ඕන. නැති වුණොත් අපි ක්‍රියාමාර්ගයකට යනවාඋමා ඔයට එරෙහි ජනතා පෙරමුණ – සමසභාපති, පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද,
කරුණාකරලා මේ මිනිස්සුන්ට වෙලා තියෙන පීඩනය එද ත් කිව්වා අපි ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. අද ත් කියනවා අපි අද නම් අපි කියනවා මෙතනින් නැගී සිටින්නේ නැහැ කියන කාරණාව ඉතාමත්ව දැඩි ලෙස අවධාරණය කරන්න කැමැතයි. ඒ නිසා ඔබතුමන්ලා කරුණාකරලා මේකට විසඳුමක් ලබාදෙන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවාකැෆේ සංවිධානය – විධායක අධ්‍යක්ෂ, කීර්ති තෙන්නකෝන්,
කවුරුත් මෙතන ඉන්න උමා ඔය ව්‍යාපෘතිය එපා කියන්නේ නැහැ. උමා ඔය ව්‍යාපෘතිය ජනතාවගේ හිස මත පත් වෙච්ච හෙණ ගෙඩියක් බවට පත් නොවිය යුතු බව තමයි මිනිස්සු කියන්නේ. මේ අර්බුදයට නිශ්චිත උත්තර අවශ්‍යයි. මේ අර්බුදය විසඳිය යුතුව තිබෙනවා
උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කරන භූ ගර්භයේ ජල කාන්දුව නවත්වන තෙක් සියලු කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේ, උමං මාර්ගයේ පහළ අන්තයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින 10 ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදන බව ය.උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආශ්‍රිතව ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පාර්ශවකරුවන් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.
ස්විස්ටර්ලන්ත විශේෂඥ උපදේශකවරයාගේ නිර්දේශවලට අනුව අදාළ ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබන 18 වන දාට පෙර ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිත ය.
මීට අමතරව ජනාධිපතිවරයාගේ කැඳවීමෙන් ලබන 31 වන දා මෙරටට පැමිණෙන නෝර්වේ විශේෂඥයෙකු ද උමා ඔය ව්‍යපෘතිය පිළිබඳව නිරීක්ෂණ හා පරික්ෂණ සිදු කරන අතර ඒවායේ නිර්දෙශ අගෝස්තු මස 15 වන දා ලබා දීමට කටයුතු යොදා තිබේ.
ජාත්‍යන්තර විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ මෙන් ම මෙරට විද්වතුන්ගේ උපදෙස් පදනම් කර ගනිමින් සමස්ත ව්‍යපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සිදුවනු ඇති

No comments:
Post a Comment