Monday, November 20, 2017

ආදරය.....

ආදරය.....

මොකෝ බං හැමෝම ‍ෂොක් එකෙන් බලන්නේ, අද මම ආදරය ගැන කථා කරන්න යන නිසා ද?
ආදරය.... ලෝකයේ හැමෝම ගාව අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. ඒත් ඒක පොඩ්ඩක් ඉක්මන් වැඩි... ඉස්සර කමක් නෑ බං, වයස අවුරුදු 20 පැන්නට පස්සේ තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ මේ Love එකට පයිනේ.... ඒත් දැන් බලපන්කෝ අටේ පන්තියේ පොඩි ඇටයටත් කෙල්ලෙක් ඉන්නවා, මේකට ද බං Love කියන්නේ.
අද ඉන්න බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ Love ද බං....
අපි හැමෝම ඔය Love එක කරන්න කලින් එක දෙයක් මතක තියාගන්න ඕනේ බං, ඒ තමයි ආදරය කියන්නේ මොකක් ද කියලා? මේ ආදරය ගැන අපි ඔක්කෝම පොඩ්ඩක් හිතලා බලමු ද? දැන් එක එක්කාගේ හිතට නොයෙකුත් ආකාරයේ කරුණු දහස් ගාණක් ඇවිල්ලා ඇති...... ඒ ඔක්කෝම ආදරය නෙ‍වෙයි.
පිරිමියෙක් ගැහැණියක් කෙරෙහි දක්වන සෙනහස, දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන සෙනෙහස, දරුවන් දෙමව්පියන් කෙරෙහි දක්වන සෙනෙහස, වැඩිහිටියන් පොඩිහිටියන් කෙරෙහි දක්වන සෙනෙහස..... මේ විදිහට කියාගෙනම යන්න පුළුවන්......
BUT…………………………………….
වර්තමානයේ තිබෙන ආදරය ඒක ද????? අපි පරපුරේ සෙට් එක කරන්නේ Love ද????? මේ පැනයට පිළිතුරු හෙව්වොත් අපිටම තේරෙයි.......
කෙලින්ම කියනවා නම් හොද ලස්සන කෙල්ලෙක් ව දැක්ක ගමන් කාටත් ආදරය ඇති වෙන්නේ නෑ.... හැ‍ම එකාටම එ‍හෙම කෙල්ලෙක්ව දැක්ක ගමන් ඇති වෙන්නේ ආසාව......
ඇත්තටම හැමෝටම කෙල්ලෙක්ගේ ආදරය ලබා ගන්න ආසාවක් තියෙනවා, ඒක මම පිළිගන්නම්.... හැබැයි ඒක ලබා ගන්න වෙලාවක් තියෙනවා.... මේක ගොඩක් කට්ටියට පිළිගන්න අමාරුයි නේ..... පොඩි කාලේම ආදරය කරලා අද කාලේ කොල්ලෝ කෙල්ලෝ විදින දුක තියෙනවා නේ.... ඒක කියලා ඉවර කරන්න බෑ මචං.....
මම දැන් කියපු අදහසට ගොඩක් අය විරුද්ධ ඇති.... ඒත් එක දෙයක් මතක තියා ගනිල්ලා..
කෙල්ලෙක්ගේ ආදරය ලබා ගන්නම ඕනේ තමයි බං.... පොඩ්ඩක් ඉවසලා, හොදට ඉගෙන, ලස්සන කෙල්ලෙක් හොයලා කසාදයක් බැදගෙන ඊට පස්සේ කරපන් මචං ඔය Love එක.... එතකොට හැම එකා‍ගෙම හිතට එන දේ තමයි ආදරය.... ඒක තමයි සැබෑ ආදරය.... අවංක ආදරය.....
මං කියපු එක හරි ද කියලා ඔයාලම හිතා ගන්න.....
ජීවිත‍ය කියන්නේ විදින්න ඕන දෙයක් බං..... විදවන්න තියෙන එකක් නෙමෙයි.....

Sunday, August 27, 2017

මුස්ලිම් වරුන්ගේ හජ් උත්සවය හා වන්දනාව (අග්නි අඩවියෙන්)

හජ්

ඉස්ලාමයේ ප්‍රධාන අවුරුදු උත්සව දෙකකි. පළමුවැන්න මුස්ලිම්වරු රමළාන් මාසය අවසන් කිරීමෙන් පසු සමරණ ඊදුල් ෆිත්ර් වේ. දෙවන උත්සවය සමරණු ලබන්නේ හජ් සමයේදීය. එසේත් නැත්නම් මක්කාවට වාර්ෂිකව හජ් වගකීම සදහා යන අවස්ථාවේදීය. ඊදුල් අල්හා නමින් හදුන්වන එය  රමළාන් අවසන් වී මාස දෙකක් හා දින දහයක් ගතවීමෙන් පසුව යෙදී තිබේ. හජ්හිදී විවිද අවස්ථා රැසක් ඇත. ඒවා ඉස්ලාමීය විශ්වාසයන් සංකේතවත් කිරිමටත් ඉබ්රාහීම් නබි හා ඔහුගේ පවුල කල කැපකිරීම් සිහි කිරීමටත් යෙදී තිබේ. මිලියන දෙකකට අධික මුස්ලිම්වරු ප්‍රමාණයක් වාර්ෂිකව හජ් වගකීම සිදු කරද්දි බිලියන 2 කට ආසන්න මුස්ලිම් ප්‍රජාව හජ් වන්දනාවට සමගාමීව ඊදුල් අල්හා උත්සවය සමරති.
දේව අණට අවනත වෙමින් දරුවාව කැප කිරීමට ඉදිරිපත්වු ඉබ්රාහීම් නබි තුමාගේ කැපකිරිම ඇතුළු ඔහුගේ පවුල මක්කාවේ කළ කැපකිරීම් සිහිපත් කිරීම වශයෙන් මුස්ලිම්වරයෙකු ජිවිත කාළයේ එක් වතාවක් හෝ ශුද්ධ වූ මක්කා භූමියට වන්දනා ගමන් යයි.

Tuesday, August 1, 2017

ආදරණීය දෙමව්පියන් (අග්නි අඩවියෙන් )

බඩගිනි වෙලා මා ගිය කළ පුතුගේ ගෙට
මැනලා දුන්නා වී ටිකක් මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට

මේ කවිය අසන විට හැමෝටම තම සිහියට නැගෙන්නේ තමාගේ දුක් ගැහැට දරා ගැනීමට නොහැකිව අසරණ වු මවක් තමන්ගේ පුතනුවන් හමුවීමට ගිය අවස්ථාවේ, තම පුතා විසින් වී ටිකක් මල්ලකට දමා මවට ලබා දුන් ඉතාමත් දුක්බර සිදුවීම යි.

ඈත අතීතයේම තම දෙමව්පියන්ව ආදරයෙන් බලා ගැනීමට නොහැකි වූ අය සිටියේ නම්, තාක්ෂණයෙන් උසස් තත්ත්වයක් උසුලමින් කාර්යය බහුල සමාජයක සිටින වත්මන් පරපුර කුමක් කරයි ද? ඉස්සර නම් සැමියා රැකියාට ගොස් පැමිණෙන තුරු බිරිද ගෙදර වැඩ කරලා, තමාගේ හා තමාගේ සැමියාගේ දෙමව්පියන්ට උදව් උපකාර කර දෙමින්, ඉතා අලංකාරව තම කාලය ගත ක‍ළ සමාජක් අපට දකින්ට ලැබුණි.
නමුත් වත්මනයේ ඇති වී ඇත්තේ ඉතාමත් දුක්බර සිදුවීමකි. සැමියා හා බිරිද රැකියාවට යන අතර ගෙදර සිටින දෙමව්පියන්ගේ කාර්යය වනුයේ තම දුවගේ පුතාගේ දරුවන් ව රැක බලා ගැනීම ය. නමුත් එම දරුවන් ද වැඩිවියට පත් වූ පසු මෙම දෙමවිපියන්ගේ ඉතිරි කාලය ගෙවීමට සිදු වන්නේ මහලු මඩම්වලය. නමුත් මෙයට හාත් පසින් වෙනස්ව කෙතරම් කාර්යය බහුල වුවත් තම දෙමව්පියන්ව නිසි ආකාරයෙන් බලා ගන්නා පිනවතුන් ද අද කාලයේ දෑකීමට හැක.
එනමුත් ලංකාවේ අධික වශයෙන් වැඩිහිටි නිවාසයන් සෑදීමට හේතුව කුමක් ද? සාදාචාර සම්පන්න අපගේ මේ මාතෘ භූමීයේ දෙමව්පියන් රැක බලා ගැනීමට දරුවන්ගේ හිගයක් ඇති වන්නේ කෙසේ ද? වත්මනයේ අපේ රටේ තත්ත්වය කුමක් ද?
අපි හැමෝම එක් කරුණක් දෙස හොදින් අවධානය කළ යුත්තන් වන්නෙමු. එනම් අපගේ කුඩා කාලයේ අපට කිසිම දෙයකින් අඩුවක් නොකර, අපගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පිදු අප‍ගේ දෙමව්පියන්ට අප කළ යුත්තේ කුමක් ද? ඒ මහත් වූ උපකාරයට අපගේ දෙමව්පියන්ට අප විසින් කළ හැක්කේ කුමක් ද?
හැමෝම කියනවා මව්වරුන් තම ලේ කිරි කරලා අපට පෙව්වේ, පියවරුන් තම ලේ දහඩිය කරලා අපව හැදුවේ කියලා නමුත් එය කීයා පෑමෙන් කිසිම ඵලක් නොමැත. අපගේ දෙමව්පියන්ගේ උදාර සේවයට අප ඔවුන්ට කෙතරම් සේවයක් කළත් එය ඔවුන් අප හට කළ දේවල් වලට කිසිදා සමාන නොවේ. සෑම දහමකය කියා පාන විශේෂ වූ දෙයක් නම් දෙමව්පියන්ට සැලකීම ය. එය කෙතරම් වටිනවා ද යන්න මෙමගින් අපිට මනාවට පැහැදිලි වන කරුණ කි.
වත්මනයේ දෙමව්පියන් යනු වුවමනාවකට උපයෝගි කර ගන්නා භාණ්ඩයක් බවට පත් වෙමින් පවතින්නේ ය. එය කිසිසේත්ම සමාජයට උචිත දෙයක් නොවන්නේය. අප මීට පෙර සිදු වූ දේවල් ගැන කතා කිරීමෙන් ඵලක් නැත. නමුත් මීට පෙර සිදු වූ දේවල් වලින් අපට ඉගෙන ගැනීමට කරුණු කාරණා රාශියක් ඇත. ඒවා පිළිබද මනා අවබෝධයක් ලබා ගෙන අපගෙන් පසු පැමිණෙන පරපුර දෙමවිපියන්ට සලකන්නේ කෙසේ ද යන කරුණ අපගේ දෙමව්පියන්ට අප සළකන අයුරින් ඔවුන් ඉගෙන ගත යුතු යි, මම සිතන්නෙමි.

Thursday, July 27, 2017

Social Media (අග්නි අඩවියෙන් )

  Social Media 
වත්මන් පරපුරට හිතකර ද? අහිතකර ද?
වත්මන් පරපුරට මහත් අභියෝගයක්ව පවතින දෙයක් නම් මෙම Social Media ව වේ. සැවෝම සිතාගෙන සිටින දෙයක් නම් මෙම සමාජ වෙබ් අඩවි නිසා වත්මන් පරපුර යම්තාක් දුරට ඉගෙනීමෙන් වර්ධනය වී ඇති බවය. නමුත් එහි සැබැ තත්ත්වය වනුයේ කෙතරම් දුරට වත්මන් පරපුරේ සිසුන් මෙම සමාජ වෙබ් අඩවි මගින් වර්ධනය වුව ද, එය‍ට හාත්පසින් අධික වර්ධනයක් ඇත්තේ වත්මන් පරපුරේ විනාශය මෙමගින් තහවුරු වී හමාරය.
මෙය ඇසු සැනින් සැවෝම පවසන දෙයක් නම් තාක්ෂණය දියුණු වූ මෙම සමාජයේ මෙවන් වූ කුඩා කුඩා වැරදි සිදුවීම සුලබ බවය. අපි හැමෝම මතක තියා ගත යුතු දෙයක් ඇත සහෝදරවරුනේ අපි තාමත් ජීවත් වන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන සංස්කෘතියෙන් උච්චතම ස්ථානයටම ගොස් ඇති ලංකාවේය. මෙම කරුණ වත්මන් සමාජයේ අධික පිරිසක් අමතක කර හමාරය. එයිනුත් වත්මන් පාසල් සිසු පරපුර සිතාගෙන සිටිනුයේ ඔවුන් ජීවත් වන්නේ ‍ලෝකයේ සංවර්ධනයෙන් උච්චතම ස්ථානයේ සිටින, සාදාචාරයෙන් ඉතාමත් මහත් මට්ටමේ සිටින බටහිර රටන බව ය.
මා මෙම ලිපිය ලිවීමට හේතුන වත්මන් පරපුරට අපවාද නැගීමට නොව, ලංකාවේ වත්මන් විද්වතුන් වන මෙම වත්මන් සිසු පරපුර ඔවුන්ගෙන් පසු පැමිණෙන සිසු පරපුරට යහපත් ආදර්ශයන් පිරිනැමිය යුතු නිසා ය. අද වන විට මෙම සමාජ වෙබ් අඩවීන් මගින් සිසුන් අධික පිරිසක් ඔවුන්ගේ විනාශය කරා පියමන් කර හමාරය. එනමුත් මින් මතුවටත් එවන් වූ දේවල් නොවීමට නම් අපගේ වත්මන් පරපුර ‍වෙනුවෙන් අපි හඩ නැගිය යුතු ය. ‍
මෙම ස‍මාජ වෙබ් අඩවීන් නිසා සියදිවි නසාගැනීම්, බාල අපරාධයන්, කප්පම් ගැනීම් යනාදි ලෙස අපරාධයන් වත්මනයේ දක්නට ලැබීම ඉතාමත් සුබල දෙයක් වී හමාරය. සාදාචාර සම්පන්න, සංස්කෘතියෙන් පරිපූර්ණ වූ අපගේ මාතෘ භූමීයේ මෙවන් වූ අහිතකර දේවල් සිදු වීම සිතට වද දෙන මහා අපරාධයකි. වත්මන් පරපුර අනාගතයේ ලංකාවේ සැබෑ උරුමක්කාරයන්ය. ඔවුන්ට නිසි ලෙස මගපෙන්වී මේ මහා කාර්ය භාරය පැනවී ඇත්තේ ඔවුන්ගේ සදාදරණීය දෙමව්පියන් මතය.
දෙමව්පියන් වන ඔබලා ඔබලාගේ දරුවන්ව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න නමුත් ඔවුන්ට යම් සීමාවන් පනවා තබා ගන්න. මෙයට හේතුව ඔබලාගේ අධික විශ්වාසය ඔබගේ දරුවන්ට වැරදි කිරීමේ ඉඩකඩ ලබා නොදිය යුතු යි. එමෙන්ම දරුවන්ගේ අනාගතය තිබෙන්නේ ඔබේ අතේ බව ඔබලා අමතක නොකරන්න.
අවසාන වශයෙන් වත්මන් පරපුර මා පැවසීමට අදහස් කරන දෙය වනුයේ ඔබලා මෙම සමාජ වෙබ් අඩවි භාවිතා කරනවා නම් එය ඔබලාගේ යටතේ තබා ගන්න, කිසි දිනකත් ඔබලා මෙම සමාජ වෙබ් අඩවීන්ට යටත් නොවන්න. එමෙන්ම සෑම දෙයකටම සීමා මායිමක් ඇත, එලෙසම සාදාචාර සම්පන්න ලාංකිකයන් වන අපටත් මෙම සමාජ වෙබ් අඩවීන් භාවිතා කිරීමේ දී නොයෙකුත් සීමා මායිම් අප විසින්ම පනවා ගත යුතු ය. එම සීමා මායිම් කුමක් ද යන්න ඔබලා ඔබලාගෙන්ම විමසා ගන්න.
අනාගත පරපුර රැකීමට අවශයය පියවරයන් අප විසින් අලුතින් නිර්මාණය කළ යුතු නොවේ. තිබෙන නීතීන් හරියාකාරයෙන් පිළිපැදීමෙන් අප රටේ ගෞරවය හා අනාගතය අප විසින්ම ආරක්ෂා කර ගත හැක.
කවදාවත් අපි ලාංකිකයන් යන්න ඔබලා අමතක නොකරනු.
Rashli Nafais ( Tanweeri )
South Eastern University of Sri Lanka

Monday, July 17, 2017

SHAPE OF YOU (අග්නි අඩවියෙන්)

ඔබාමා හිටපු ජනපතිගේ සජීවි වචන එකතුවෙන් නිර්මිත අපුරු ගීතය 
SHAPE OF YOU(අග්නි අඩවියෙන්)

https://www.youtube.com/watch?v=eCVJjWHilJw

Wednesday, July 12, 2017

එකමුතුකමය් වටින්නේ

බස් එකේ උන සත්‍ය සිදුවීමක්.... 
මම දවසක් කොළබ ඉදන් නිට්ටබුවට යන්න බස් එකේ නැග්ගා.වෙලාව රෑ 10ට විතර ඇති . බස් එකේ කොන්දොස්තර මහත්තයා හැමොගෙන්ම ටිකට් ගත්තා. බස් එකට නැගපු එක මහත්තයෙක් එක්ක කොන්දොස්තර මහත්තයා හය්යෙන් කතාකරනවා ඇහුනා. පොඩ්ඩක් එතනට ගිහින් බලන්න හිතුනා.කොන්දොස්තර මහත්තයට අර බස් එකට නැගපු මහත්තයා රුපියල් 5000 කොලයක් දික් කරලා , මාරු සල්ලි නැ කියල කොන්දොස්තර මහත්තයා අර අනිත් මහත්තයට බ්ස් එකෙන් බහින්න කියලා. '"දැන් මේ වෙලාවට ආය බස් නෑ මට යන්ඩ" අර මනුස්සයා කොන්දොස්තර මහත්තයට කිව්වා. '"කරන්න දෙයක් නෑ අය්යේ බහින්න, මට ඔයාට දෙන්න මාරු නෑ"'  කියලා කොන්දොස්තර කිව්වා . ඒ අය්යා බස් එකෙන් බහින්න යද්දී ''බහින්න එපා මචං ,මම උබට ටිකට් ගන්නම් වරෙන් මෙහෙට්ට ,ටිකට් එක කිය්යද ?" බස් එකේ ඉදගෙන හිටපු කෙනෙක් හය්යෙන් කිව්වා. එයා කිව්වට එයාගේ අතෙත් සල්ලි තිබ්බද දන්නැ . එතන හිටපු මුස්ලිම් පුජකවරු දෙන්නෙක් "අය්යේ පොඩ්ඩක් ඉන්න කිය්යක්ද මාරු කරන්න ඕනි" කියල අහලා ඒගොල්ලන්ගේ බෑග් ඇදලා මාරු සල්ලි හොයලා 5000ක් මාරු කරලා දුන්නා. අන්තිමට එකමුතුකම හින්දා එදා ඒ පුද්ගලයා බස් එකේ ගියා.
අපි මොන ආගමේ හිටියත් එකමුතුකමෙන් හිටියොත් ඕනෑම ප්‍රශ්නයක් විසදගන්න පුළුවන්.
 එකමුතුකමය් වටින්නේ.
ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.

Monday, July 10, 2017

උමා ඔයේ දැවෙන කදුළු කතාව (අග්නි අඩවියෙන්)

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් දිගින් දිගටම ජනතාව අත් විඳින පීඩාවන් සම්බන්ධයෙන් තවමත් විසඳුමක් නොමැති බව පෙන්වා  ජුනි 28දින බණ්ඩාරවෙල නගරයේදී හර්තාල් සහ උද්ඝෝෂණයක් පැවැත් විය.


විරෝධතාව සංවිධානය කර ඇත්තේ, උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණයි.
ජුනි 28දින   බණ්ඩාරවෙල නගරයේ වෙළෙඳසැල් වසා දැමුණු අතර පාසැල් හා රජයේ කාර්යාල සේවා ද අඩාලවී තිබිණි.
හර්තාලය ඇරඹූ පිරිස නගරයට රැස්වී ඇත්තේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ව සිටින බණ්ඩාරවෙල අවට ගම්මාන 42 ක පමණ ජනතාව මෙලෙස එක් ව සිටියහ.
උදෑසන 9.00 ට පමණ බණ්ඩාරවෙල මංසන්ධියෙන් සහ ඇටම්පිටිය මාර්ගයෙන් ඇරඹි පා ගමන් දෙකකින් ජනතාව නගර මධ්‍යයට රැස් විය.
නගර මධ්‍යයට පැමිණි පිරිස ඇමතීමට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී, සමන්ත විද්‍යාරත්න මහතා සූදානම් වූ අවස්ථාවේ පැමිණි පිරිසක් සංවාදයක් ඇති කර ගත්හ.
එවිට පොලීසිය මැදිහත්ව සංවාදයට මැදි වූ පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළේ ය.

ඌව පළාත් සභා මන්ත්‍රී, සමන්ත විද්‍යාරත්න,

අද අපි ආවේ නැගිටලා යන්න නෙමෙයි බත් බැඳගෙන වතුර අරගෙන අපි ආවේ මේ මහා විනාශය නවත්වන්න ඕන කමක් තිබෙනවා. දැන් වෙනකොට ගෙවල් 7037 ක් පුපුරලා විනාශ වෙලා තියෙනවා. මේ අතර පන්සල්, පල්ලි, කෝවිල්, පාසැල් ව්‍යාපාරික ස්ථාන විනාශ වෙලා තියෙනවා. ළිං උල්පත් 3112ක් විනාශ වෙලා තියෙනවා. දැන්වත් පාලකයෝ ඇහුම්කන් දෙන්නේ නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයකට මේ මහාජනතාවත් එක්ක අපි යන්න සූදානම් වෙනවා. උත්තරයක් දැන් ඕන. නැති වුණොත් අපි ක්‍රියාමාර්ගයකට යනවා

උමා ඔයට එරෙහි ජනතා පෙරමුණ – සමසභාපති, පූජ්‍ය කුරුකුදේගම ජිනානන්ද,

කරුණාකරලා මේ මිනිස්සුන්ට වෙලා තියෙන පීඩනය එද ත් කිව්වා අපි ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. අද ත් කියනවා අපි අද නම් අපි කියනවා මෙතනින් නැගී සිටින්නේ නැහැ කියන කාරණාව ඉතාමත්ව දැඩි ලෙස අවධාරණය කරන්න කැමැතයි. ඒ නිසා ඔබතුමන්ලා කරුණාකරලා මේකට විසඳුමක් ලබාදෙන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා

කැෆේ සංවිධානය – විධායක අධ්‍යක්ෂ, කීර්ති‍ තෙන්නකෝන්,


කවුරුත් මෙතන ඉන්න උමා ඔය ව්‍යාපෘතිය එපා කියන්නේ නැහැ. උමා ඔය ව්‍යාපෘතිය ජනතාවගේ හිස මත පත් වෙච්ච හෙණ ගෙඩියක් බවට පත් නොවිය යුතු බව තමයි මිනිස්සු කියන්නේ. මේ අර්බුදයට නිශ්චිත උත්තර අවශ්‍යයි. මේ අර්බුදය විසඳිය යුතුව තිබෙනවා

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කරන භූ ගර්භයේ ජල කාන්දුව නවත්වන තෙක් සියලු කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේ, උමං මාර්ගයේ පහළ අන්තයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින 10 ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදන බව ය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආශ්‍රිතව ඇති වී තිබෙන ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පාර්ශවකරුවන් කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.
ස්විස්ටර්ලන්ත විශේෂඥ උපදේශකවරයාගේ නිර්දේශවලට අනුව අදාළ ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබන 18 වන දාට පෙර ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිත ය.
මීට අමතරව ජනාධිපතිවරයාගේ කැඳවීමෙන් ලබන 31 වන දා මෙරටට පැමිණෙන නෝර්වේ විශේෂඥයෙකු ද උමා ඔය ව්‍යපෘතිය පිළිබඳව නිරීක්ෂණ හා පරික්ෂණ සිදු කරන අතර ඒවායේ නිර්දෙශ අගෝස්තු මස 15 වන දා ලබා දීමට කටයුතු යොදා තිබේ.
ජාත්‍යන්තර විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ මෙන් ම මෙරට විද්වතුන්ගේ උපදෙස් පදනම් කර ගනිමින් සමස්ත ව්‍යපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සිදුවනු ඇති