ආදරය.....
ආදරය.....

මොකෝ බං හැමෝම ෂොක් එකෙන් බලන්නේ, අද මම ආදරය ගැන කථා කරන්න යන නිසා ද?
ආදරය.... ලෝකයේ හැමෝම ගාව අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. ඒත් ඒක පොඩ්ඩක් ඉක්මන් වැඩි... ඉස්සර කමක් නෑ බං, වයස අවුරුදු 20 පැන්නට පස්සේ තමයි අපේ කොල්ලෝ කෙල්ලෝ මේ Love එකට පයිනේ.... ඒත් දැන් බලපන්කෝ අටේ පන්තියේ පොඩි ඇටයටත් කෙල්ලෙක් ඉන්නවා, මේකට ද බං Love කියන්නේ.
අද ඉන්න බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ Love ද බං....
අපි හැමෝම ඔය Love එක කරන්න කලින් එක දෙයක් මතක තියාගන්න ඕනේ බං, ඒ තමයි ආදරය කියන්නේ මොකක් ද කියලා? මේ ආදරය ගැන අපි ඔක්කෝම පොඩ්ඩක් හිතලා බලමු ද? දැන් එක එක්කාගේ හිතට නොයෙකුත් ආකාරයේ කරුණු දහස් ගාණක් ඇවිල්ලා ඇති...... ඒ ඔක්කෝම ආදරය නෙවෙයි.
පිරිමියෙක් ගැහැණියක් කෙරෙහි දක්වන සෙනහස, දෙමව්පියන් දරුවන් කෙරෙහි දක්වන සෙනෙහස, දරුවන් දෙමව්පියන් කෙරෙහි දක්වන සෙනෙහස, වැඩිහිටියන් පොඩිහිටියන් කෙරෙහි දක්වන සෙනෙහස..... මේ විදිහට කියාගෙනම යන්න පුළුවන්......
BUT…………………………………….
වර්තමානයේ තිබෙන ආදරය ඒක ද????? අපි පරපුරේ සෙට් එක කරන්නේ Love ද????? මේ පැනයට පිළිතුරු හෙව්වොත් අපිටම තේරෙයි.......
කෙලින්ම කියනවා නම් හොද ලස්සන කෙල්ලෙක් ව දැක්ක ගමන් කාටත් ආදරය ඇති වෙන්නේ නෑ.... හැම එකාටම එහෙම කෙල්ලෙක්ව දැක්ක ගමන් ඇති වෙන්නේ ආසාව......
ඇත්තටම හැමෝටම කෙල්ලෙක්ගේ ආදරය ලබා ගන්න ආසාවක් තියෙනවා, ඒක මම පිළිගන්නම්.... හැබැයි ඒක ලබා ගන්න වෙලාවක් තියෙනවා.... මේක ගොඩක් කට්ටියට පිළිගන්න අමාරුයි නේ..... පොඩි කාලේම ආදරය කරලා අද කාලේ කොල්ලෝ කෙල්ලෝ විදින දුක තියෙනවා නේ.... ඒක කියලා ඉවර කරන්න බෑ මචං.....
මම දැන් කියපු අදහසට ගොඩක් අය විරුද්ධ ඇති.... ඒත් එක දෙයක් මතක තියා ගනිල්ලා..
කෙල්ලෙක්ගේ ආදරය ලබා ගන්නම ඕනේ තමයි බං.... පොඩ්ඩක් ඉවසලා, හොදට ඉගෙන, ලස්සන කෙල්ලෙක් හොයලා කසාදයක් බැදගෙන ඊට පස්සේ කරපන් මචං ඔය Love එක.... එතකොට හැම එකාගෙම හිතට එන දේ තමයි ආදරය.... ඒක තමයි සැබෑ ආදරය.... අවංක ආදරය.....
මං කියපු එක හරි ද කියලා ඔයාලම හිතා ගන්න.....
ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් බං..... විදවන්න තියෙන එකක් නෙමෙයි.....
No comments:
Post a Comment